නෙළුම් කුළුණ
ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ ඉදිවන්නේ දකුණු ආසියාවේ උසම කුළුණ වශයෙනි. එහි උස මීටර් 350 කි. කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි හෙක්ටයාර් 3.06 ක භූමි භාගයක බේරේ වැව ආසන්නයේ මෙම කුළුණ ඉදිකරන්නට සැලසුම් කර තිබේ.
දකුණු ආසියාවේ උසම කුළුණ වශයෙන් සැළකෙන මෙය සිවු මහල් කුඩා පීතිකා සහිත නිදහස් ස්ථාවර කුළුණකින්ද මධ්‍යම විශ්කම්භය සහිත ආධාර කුළුණු දෙකකින්ද මහල් 8 ක් සහිත කුළුණු ශීර්ෂයකින්ද සමන්විත වෙයි.ඊට අමතරව වානේ රාමුව සහිත ඇන්ටෙනා කුඹයකින්ද සමන්විතයි. මේ මහල් 8 කින් සමන්විත කුළුණ, නැරඹුම් මැදිරිය, කැරකෙන භෝජනාගාරයක්, අමුත්තන් 1000 කට සහභාගි විය හැකි ශාලාවක්, ගිනි අනාවරණය කිරීම හා ගිනි නිවීම, අධි සංචිත ටැංකි හා විදුලි සංදේශ උපකරණ රැසකින් සමන්විත වෙයි.
මේ මඟින් ගුවන් විදුලි සේවා සපයන්නන් 50 කට, රූපවාහිනී සේවා සපයන්නන් 50 කට සහ විදුලි සංදේශ සේවා සපයන්නන් 20 කට පහසුකම් ලබා ගත හැකි වන අතර ඒ මඟින් කොළඹ නගරයේ විවිධ ගොඩනැඟිලිවල ස්ථාපිත කර තිබෙන එෆ්.එම් ඇන්ටෙනා අවම කිරීමට හැකිවන බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.නෙළුම් කුළුණ ඉදිකිරීමේ පරමාර්ථය හුදෙක් නගර ශෝභනත්වය පමණක්ම නොවේ. ඒ හා සබැඳි තවත් අරමුණු කිහිපයකි. එය මුදල් උපයාදෙන අස්වැන්නක කුළුණක් ලෙස ද අනාගතයේ දවසක සම්භාවනාවට පත්වෙන්නේ යැයි කිව හැක්කේ ඒ අරමුණු දෙස බැලීමේදීය.
කුළුණේ පාදම කොටස අධිවේගී සෝපාන වලින් සමන්විතය. එය සංයුක්ත සිලින්ඩරාකාර හැඩය ගන්නා අතර තරප්පුව සිරස් සංසරණතා පද්ධතියකින් යුතුවෙයි. එසේම ප්‍රධාන පද්ධතිය විවිධ වර්ගයේ ගොඩනැගිලි සේවාවන්ගෙන් යුක්තය.නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර වශයෙන් ”ටීම් පාක්” නමින් විනෝදාස්වාදය සපයන අලංකාර උද්‍යානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ.