lankanadaya
HOME
Game
Mp3
Music videos
අන්තර් ජාලයෙන් මුදල්
Clixsense
නැතුවම බැරි payza
Why Neobux is so Wonderful
Best pay
Free Chat
අරැම පුදුම
Web එකට ඔරලෝසුවක් දාගමු
XP- Windows 7 කරමු
විශ්වය
ක්ෂීරපථය
සම්මා සම්බුදුවරු
විහිලු කතා
ඩයිනසෝරයන්
ෆේස්බුක්
පිටසක්වල ජීවීන්
පිටසක්වළ ජීවීන්
මිනිසා මෙලොව බිහිවූ දින පටන් තමාට කුතුහලයක් ඇතිවූ විට එය දැන ගන්නා තුරුම එය පසුපස හඹා ගියේය.එනමුදු මිනිසා බිහිවූ දින පටන් ඔහුට සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට නොහැකිවූ ස්ථානයක් වෙයි.එනම් තෙරක් නොමැති විශ්වයයි.තාක්ෂණික ඥාණය අතින් දියුණු නූතන මිනිසා මේ වන විට විශ්වයේ විශ්මය ජනක සිද්ධීන් බොහොමයක් අනාවරනය කරගෙන ඇතත් මෙතෙක් අනාවරනය නොවූ දේ ද බොහෝ ය.
1)පියාඹන පීරිසිවල වීඩියෝ දර්ශන
පිටසක්වල යානා ඡායාරූපයට ගැනීම සහ රේඩාර් මගින් හදුනා ගැනීම 1947 අවධියේ පටන් පැවතිණ.මේවා සජීවීව පටිගත කිරීම පිළිබඳව සාක්ෂි හමුවන්නේ 90 දශකයේ පටන්ය.මේ අතර 1994 වසරේ දෙසැම්බර් 04 වන දින ඇල්කරාස් ප්‍රදේශයෙන් වාර්තා වූ වීඩියෝ පටියද 1997 වසරේ නොවැම්බර් 30 වන දින පටිගත කල වීඩියෝ පටියද ප්‍රධාන තැනක් ලැබේ.
මීට අමතරව 1997 වසරේ අගෝස්තු 06 දින මෙක්සිකෝවේ සිදුවූ සිදුවීමක් ඉතා සිත් ගන්නා සුළුය.එම වීඩියෝ පටයට අනුව උස ගොඩනැගිල්ලක් අසලින් විශාල වටකුරු පියාඹන පීරිසියක් දිස්වේ.මෙම යානය ගමන් කරන අතර රවුමට කැරකේ.
නමුත් ඇතැමුන්ගේ අදහස වනුයේ පරිගණක මෘදුකාංග භාවිතයෙන් මේවා නිර්මාණය කළ හැකි බවය.
2)පියාඹන පීරිසිවල ඡායාරූප photos
1950 වසරේ මැයි 11 මැක්මින්විලෙ ගමේ ගොවියෙකු ගත් ඡායාරූප දෙකක් පිළිබඳ විද්වතුන්ගේ අවධාණය යොමු විය.බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මෙය සත්‍ය වශයෙන්ම සිදුවූ ඡායාරූපගත කිරීමක් බවය.
1952 දී ඇමරිකා එක්සත් ජනපදයේ රැල්ෆ් විසින් ගන්නා ලද අභ්‍යවකාශ වස්තුවද සත්‍ය ඡායාරූපයක් බව පරිගණක තාක්ෂණය භාවිතයෙන් කල විශ්ලේෂණ වලින් සනාථ විය.
පිටසක්වළ ජීවීන්ට මෙහි පැමිණිය හැකිද?
පිටසක්වළ ජීවීන් අති විශාල දුරක සිට පෘථිවිය සොයා පැමිණීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම්
1) දුර සීමාව
බුද්ධිමත් ජීවීන් ජීවත් විය හැකි ග්‍රහ පද්ධතියක් දරන තාරකා පෘථිවිය ආසන්නයේ පිහිටා නොමැත.එවැනි තාරකාවකට ඇති දුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ දස දහස් ගණනක් විය හැක.එමනිසා එම තාරකාවක සිට පෘථිවියට පැමිණීමේදී අති විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය.
2) ආයු සීමාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100,200 පමණ ඈතින් ඇති ග්‍රහලෝකයක සිට ජීවීන් කොට්ටාෂයක් අප වෙත පැමිණියහොත් ඹවුන්ට අති විශාල කාල සීමාවක් අභ්‍යවකාශයේ ගෙවා දැමීමට සිදුවේ. එහිදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම් ජීවියකුගේ ආයු කාලය එතරම් විශාල නොවීමත් එපමණ කාලයක් තුල ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන ආදිය රැගෙන ඒමට සිදුවීමත්ය.
3)ඉන්ධන සීමාව
විශාල දුරක් ගෙවා පැමිණීමේදී ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ.එම ඉන්ධන ගබඩා ක්රීමේදී ගැටළු ඇතිවේ.න්‍යෂ්ඨික ශක්තිය භාවිත කලද එයද ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.
පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති
1)සෙටී ව්‍යාපෘතිය
1961 වසරේ නොවැම්බැයේදී රේඩියෝ ඉංජිනේරුවන් , තාරකා විද්‍යාඥයන් සහ ජෛව විද්‍යාඥයන් කිහිපදෙනෙකු එකතුව සක්වලින් එපිට බුද්ධිමත් ජීවීන් සෙවීම අරමුණු කොට සමුළුවකි පැවැත්වූවේය.සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වූ ෆ්රෑන්ක් ඩ්‍රේක් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීම සඳහා ඔහුගේ සුප්‍රසිද්ධ සමීකරණය ප්‍රථම වරට ඉදිරිපත් කලේ මෙම සමුළුවේ දීය.මෙම සමුළුවේදී සෙටී (SETI-Search for Extraterrestrial Intelligence)උපන්නේය.එදා සිට අද දක්වා විවිධ දිශා වලට අතු විහිදවහින් දැවැන්තව වැඩුණු සෙටී ව්‍යාපෘතිය තවමත් මල් ඵල ගැන්වී නොමැත.මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ශාඛා කිතිපයක් ඔස්සේ දියත් කෙරිණි.එම ශාඛා වලින් කිහිපයක් නම්
ෆීනික්ස්(PHEONIX) බෙටා(BETA-Billion channel Extra Terrestrial Assay)
මෙටා(META-Million channel Extra Terrestrial Assay)
2) බෙටා ව්‍යාපෘතිය
පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා චැනල බිලියනයක් යොදා ගැනීම අරුත් දෙන (Billion channel Extra Terrestrial Assay)BETA ව්‍යාපෘතිය, ග්‍රහ සංගමයෙහි (Planetary Society)ආධාර ඇතිව හාවඩ් විශ්ව විද්‍යාලයේ පෝල් හොරොව්ට්ස්ගේ ප්‍රධාණත්වයෙන් ඇරඹුණකි.ඛගෝලයේ සමකයේ සිට උතුරට අංශක 60 ක්ද දකුණට අංශක 30 ක්ද වූ සීමාව තුල සියළුම තරු නිරීක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.වසරක් පුරා හාවඩ්හි පිහිටි මීටර 26ක රේඩියෝ දුරේක්ෂයෙන් ගිගා හර්ට්ස් 1.4 ත් 1.72 ත් අතර පරාසයක සංඛ්‍යාත ඹවුන් විසින් මෙම ව්‍යාපෘතිය යටතේ නිරීක්ෂණය කරන ලදී.
බෙටා ව්‍යාපෘතිය ආරම්භ වූයේ 1985 දී ආරම්භ වූ මෙටා ව්‍යාපෘතිය(META-Million channel Extra Terrestrial Assay)වෙනුවෙනි.
සෙරන්ඩිප් ව්‍යාපෘතිය(SERANDIP-Search for Extraterrestrial Radio Emissions from Near by Developed Intelligent Populations)
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බර්ත්ලි සහ පිරිස විසින් 1978 වසරේ ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය මඟින් ලෝකයේ ඕනෑම තැනක ඇති රේඩියෝ දුරේක්ෂ වෙනත් අරමුණකින් ක්‍රියාත්මක වුවත් ඒ පිළිබඳ සංඥා ලබා ගැනීමට හැකි විය.1997 වසරේ මැයි මාසයේ දී සෙරන්ඩිප්-4 නමින් එහි අනු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූවේත් ක්‍රාන්තියේ සිට අංශක 38 සිට අංශක -3 අතර ප්‍රදේශය සිසෑරීමටයි.එසේම දකුණු අර්ධගෝලය පිරික්සීමට ඹස්ට්‍රේලියාවේ පර්ක් හි නිරීක්ෂණාගාරයේ සිට තවත් සෙරන්ඩිප් අනු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. සෙරන්ඩිප්-3 නම් වන එයද හයිඩ්රජන්හි තරංග ආයාමය ඔස්සේ දිව ගිය එකකි.
සොපියා යානය(SOFIA)
පෘතිවියේ සිට සෙටී වැනි ව්යාමපෘති විශාල දීසි ඇන්ටනා සතිහව ක්රිෂයාත්මක වන අතරම විද්යාහඥයන් අභ්යවවකාශයට යවන ලද නොයෙක් යානා මඟින් පිටසක්වල සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසේ. අභ්යවවකාශයේ දැනටමත් රඳවා ඇති හබල් දුරේක්ෂය මඟින් විශ්වය පුරි පැතිරුණු තරංග වර්ග පිරික්සනවාට අමතරව වැඩි දියුණු කල තාක්ෂණය යොදා ගනිමින් විසිරුණු පරාස යටතේ කිරණ අධ්යකනයට විවිධ අභ්යණවකාශ යානා සකස් කර තිබේ.මින් එක උදාහරණයකි සොෆියා යානය(SOFIA-Sophisticated Facility of Intra-red Astronomy ). අප දන්නා විද්යුaත් චුම්බක වර්ණාවලියට අයත් තවත් තරංග වර්ගයකි,අධෝරක්ත කිරණ.මෙම යානය සතු විශාල අධෝරක්ත දුරේක්ෂය මඟින් කෙරෙනුයේ එම ක්රණ විශ්ලේෂණය කිරීමයි.සාමාන්‍ය දුරේක්ෂ සඳහා යොදා ගැනෙනුයේ ආලෝකයේ ද්රඅශ්යඑ පරාසයයි.නමුත් අධෝරක්ත කිරණ වලින් මැනෙන්නේ වස්තුවකින් පිටවන තාපයයි.
මෙම දුරේක්ෂය රඳවා ඇති අභ්යෝවකාශ යානයේ ඇති විශේෂ ලක්ෂණය වනුයේ වෙනත් යානා මෙන් නොව මෙය සාමාන්යක ගුවන් යානයක සිරි ගැනීමයි.
සාමාන්‍යය ගුවන් යානයක් ගුවන්ගත වන පරිදිම ගුවන්ගත වන වීමටත්, අභ්යයවකාශයේ රඳවා තබා ගැනීමටත්,හබල් මෙන් නොව නැවත පෘථිවියට පරිස්සමෙන් ලඟාවීමටත් මේ යනයට හැක.මේ තාක් කල් කිසිම දුරේක්ෂයකට ග්රවහණය කර ගත නොහැකි වූ “පිටසක්වළ සංඥා”මෙම දුරේක්ෂය මඟින් ග්රකහණය කිරීමට හැකියාව ලැබෙන බව ව්යාකපෘති අධ්යසක්ෂකගේ විශ්වාසයයි.
ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක
1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.
එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.එහි අඩංගු වූයේ මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්රවහ මණ්ඩලයේ තෙවන ග්‍රහලෝකයට ගොඩබැස්ස බවය.ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්රි වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ.
ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේද? 1969 පළවූ වොන් ඩැනිකන් නම් ග්‍ර න්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ.
පිරමීඩ
පුදුම හතෙන් එකක් වන පිරමීඩ පිළිබඳ තවමත් ඇත්තේ අභිරහසකි.ඊඡිප්තුව පුරා විශාල වියලි බිම් පරාසයක විහිදෙන මේ පිරමීඩ හුදෙක් මියගිය ඊඡිප්තු රඡුන්ගේ සොහොන් කොත් ලෙස හෝ ස්මාරක ලෙස හෝ පමණක් සැලකීම දුෂ්කරය.තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවූ යුගයක මෙම නිර්මාණ තැනීමේ ආභාෂය ඔවුන් ලද්දේ කෙසේද?මේ සඳහා විශ්වයේ වෙනත් ග්රයහලෝකයක උදව් ඔවුන්ට ලැබුණාද?
වර්ෂ 1864 දී චාල්ස් ස්මිත් නම් ස්කොට්ලන්ත ඡාතික තාරකා විද්‍යා ඥයා විසින් රචිත “විස්මිත පිරමීඩයන්හි අපේ උරුමය”(Our inheritance in the great Pyramid)නම් ග්රවන්ථයේ පිරමීඩ තැනීමේදී යොදාගෙන ඇති ඒකක ක්රමමය පිළිබඳ සාකච්ඡා කරයි.ඔහු මෙම ඒකකය “පිරමීඩ අඟල්”(Pyramid inch)ලෙස
හඳුන්වයි.මෙම පිරමීඩ අඟලක් බ්රි.තාන්යය මෙට්රිික් ඒකක ක්රrමයේ අඟල් 1.00099 ට සමානය.මෙසේ අධික නිරවද්යමතාවයකින් යුතු මිනිත ක්රබම භාවිත කිරීමේ හැකියාව ආදී වැසියන්ට ලැබුනේ කෙසේද? පිරමීඩ තුළ ඇති පහත මාලයට බසින ආලින්දය ධ්රැිව තාරකාව (Polaris)ඉලක්ක කොට පවතින සේ සකස් වී ඇති බව පිරමීඩ ගවේෂකයන් විශ්වාස කරයි.
ඊඡිප්තුවේ ගීසාහි ඇති විශාලම පිරමීඩ තුනක් වන කුෆු ,කෆරේ,මෙන්කවුරේ යන පිරමීඩ ඔරායන් තාරකා රාශියේ එක පෙලට ඇති ප්රශධාන තරු තුන නිරූපනය කරන බවත් සමහරකගේ මතයයි.
පයිනියර් 10
මිනිසා විසින් නිපදවන ලද සෞරග්‍රහ මණ්ඩලය හරහා මෙතෙක් වැඩිම දුරක් ගමන් කල යානාව වන්නේ පයිනියර් 10 නම් යානාවයි.මෙය 1972 මාර්තු මස 3 වන දින ගමන් ආරම්භ කරන ලදී.බ්‍රහස්පති වෙත ගොස් එහි ඡායා රුපයක් පලමුව එවූ යානාවද වන්නේ මෙයයි.
මෙයතුල පෘතුවියෙන් පිටසක්වල ජීවීන් පිරිසකට යවන පණිවිඩයක්ද ඇතුලත් වේ.එය අගල් 9ක් දිග හා අගල් 6ක් පලල රන් ආලේපිත ඇලුමීනියම් තහඩුවකි.එය මෙම යානයේ සවි කොට ඇත.